Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd October 2019 13:29:00 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සේවය පැසසුමට ලක් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපහාර පිදීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මුලස්ථානයේ නිලධාරී නිවස්නයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ සහභාගී වූ අතර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 15 දෙනෙකු ඔවුන්ගේ භාර්යාවන් සමඟ උපහාර උත්සවයට සහභාගි වූහ. තවද, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මූලස්ථානයේ ආරාධනයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 110 කට අධික පිරිසක් සහභාගී වූහ.

විශ්‍රාමික මේජර් ජෙනරාල් සී. තුරෙයිරාජා, විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.ඩි.පී. පෙරේරා, විශ්‍රාමික මේජර් ජෙනරාල් වි.කේ. ජයසිංහ, විශ්‍රාමික බ්‍රිගේඩියර් එච්.අයි.කේ. ප්‍රනාන්දු, විශ්‍රාමික බ්‍රිගේඩියර් ඩි.ටී.එන්. සේනානායක, විශ්‍රාමික බ්‍රිගේඩියර් එස්.ඩි.සී. ද සිල්වා, බ්‍රිගේඩියර් එස්.ඩි.එස්. වරුෂවිතාරණ, විශ්‍රාමික කර්නල් ඒ.ඩි.යු. ක්‍රිෂ්ණරත්න, විශ්‍රාමික කර්නල් එස්.ඩබ්ලිව්.එස්. සෝමවීර, විශ්‍රාමික කර්නල් යු.එස්.පී. අමරසේකර, විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.ඒ.එස්. ද ප්‍රනාන්දු යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔවුන්ගේ භාර්යාවන් සමඟ පැමිණියහ. කෙසේ වෙතත්, මෙම අවස්ථාවට නොපැමිණි විශ්‍රාමික බ්‍රිගේඩියර් අයි.සී.ජි.ආර්. ජයවීර, විශ්‍රාමික බ්‍රිගේඩියර් ඩි.ආර්. කරුණාරත්න, විශ්‍රාමික කර්නල් යු.කේ. විජේසිංහ සහ විශ්‍රාමික කර්නල් ආර්.සී. රාජපක්‍ෂ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ද උපහාර දැක්විය.

යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම්වල පෙරදිග සංගීත හා නර්තනාංගයන් මධ්‍යයේ පැවැති මෙම උපහාර උළෙල අවසානයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සමරු තිළිණ පිරිනැමීනි.

මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරුන්, උපදේශකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගි වූහ. Buy Sneakers | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys