Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st October 2019 20:50:59 Hours

ලෝක වැඩිහිටි දිනයට සමගාමීව යාපනයේ භටපිරිස් වැඩිහිටියන්ට ආහාරපාන ලබාදෙයි

2019 ලෝක වැඩිහිටි දිනයට සමගාමීව 52 වන සේනාංකය යටතේ ස්ථාපිත 523 වන බලසේනාවේ භටපිරිස් අඟහරුවාදා (01) දින යාපනය, කයිතඩි ප්‍රදේශයේ පිහිටි ශක්ති වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන්ට ආගන්තුක සත්කාර සිදුකරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 523 වන බලසේනාවේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේදී වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 204 දෙනෙකුට දිවා ආහාර සහ ත්‍යාග පාර්සල් ලබා දුන්හ.

මෙම දිවා භෝජන සංග්‍රහය අතරතුරදී, සංගීත කණ්ඩායමේ සංගීතයෙන් ඔවුන් විනෝදාස්වාදයට පත් කළ අතර මෙම අවස්ථාව සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති, 523 වන බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිලයින් සහ ශක්ති වැඩිහිටි නිවාසයේ කාර්යමණ්ඩලය සහභාගි වූහ.

මේ අතර, 52 වන සේනාංකය යටතේ ස්ථාපිත 521 බලසේනාවේ භටපිරිස් අඟහරුවාදා (1) දින පුතූර් ශාන්ත ලූක්ෂ් මෙතෝදිස්ත වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 25 දෙනෙකු වෙත දිවා ආහාරය සහ තෑගි පාර්සල් ලබා දුන්හ. දිවා භෝජන සංග්‍රහය අතරතුරදී, යුද්ධ හමුදා භටපිරිස්හි සංගීතයෙන් ඔවුන් විනෝදස්වාදයට පත් කළහ.Best Sneakers | UK Trainer News & Releases