Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd October 2019 17:39:50 Hours

බංගලාදේශ ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු සෙයිද් මක්සුමුල් හකීම් (Commodore Syed Maksumul Hakim) ඉකුත් බදාදා (02) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද සාකච්ඡාව අතරතුරදී, දෙපාර්ශවය අතර සිදුකරනු ලබන අඛණ්ඩ පුහුණු වැඩසටහන් සහ දෙරට අතර පවත්නා සහයෝගීතා මෙන්ම ද්විපාර්ශ්වික අවශ්‍යතා පිළිබඳ සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය. බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා ද ඔවුන් සිහිපත් කළ අතර එවැනි සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළහ.

මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.Adidas footwear | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ