Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd October 2019 17:34:08 Hours

පාකිස්තානු මහා කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයට තොරතුරු තාක්‍ෂණ උපාංග ලබාදෙයි

ශ්‍රී ලංකාව සහ පාකිස්තාන හමුදාව අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ මනා අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් ගරු ආචාර්ය ෂාහිඩ් අහමඩ් හෂ්මාත් මහතා (Dr. Shahid Ahmad Hashmat) අද (02) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී, යුද්ධ හමුදාවේ ප්‍රමුඛතම පුහුණු පාසලක් වන දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ භාවිතා කිරීම සඳහා නව පරිගණක සහ මුද්‍රණ යන්ත්‍ර ඇතුළුව තොරතුරු තාක්‍ෂණ උපාංග තොගයක් ප්‍රදානය කළේය.

මෙහිදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තානු හමුදාවේ සුහදත්වය මෙන්ම දෙරට අතර පවත්නා පුහුණු වැඩසටහන් පිළිබඳව සුහදව සාකච්ඡා කළ අතර පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට පාකිස්තානය ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව ස්තූතිය පුද කළේය. 2000 වර්ෂයේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් එල්ල වූ විට පාකිස්තානය විසින් ලබාදුන් කාලෝචිත ආධාර ද යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී සිහිපත් කරන ලදී.

සුහද සාකච්ඡා අතරතුර මහ කොමසාරිස්වරයා එම උපාංග කට්ටලයක් සංකේතාත්මකව යුද්ධ හමුදාධිපතිතුමන්ට භාරදුන් අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අනාගත අපේක්ෂාවන්ට ද සිය සුබපැතුම් එක් කළහ. සුහද හමුව අවසානයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් සංකේතාත්මක සමරුතිළිණයක් පකිස්තානු මහ කොමසාරිස්වරයාට පිළිගැන්වීය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම සුහද හමුව සඳහා පකිස්තාන නියෝජ්‍ය මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා (Mr. Tanvir Ahmad), ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.කේ. ඊශ්වරන් සහ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජ්ජාඩ් අලි (Colonel Sajjad Ali) සහභාගි වූහ. bridgemedia | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp