Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2019 19:00:14 Hours

කමාන්ඩෝ භටයින් විසින් 661 වන බලසේනාවේ භටපිරිස් වෙත ආපදා කළමනාකරණය පිළිබඳ පුහුණුවක් ලබාදෙයි

66 වන සේනාංකය යටතේ ස්ථාපිත කමාන්ඩෝ ‘ඒ’ කණ්ඩායම එම සේනාංක බලඇණි පුහුණු පාසල සමඟ එක්ව දින හතරක (සැප්තැම්බර් 24 සිට 27 දින දක්වා) අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේ දී ආපදා කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී.

මෙම වැඩමුළුව අතරතුරදී, ඕනෑම ව්‍යසනයක් හෝ හදිසි ආපදා අවස්ථාවකට මුහුණදීමේදී භටපිරිස්හි වගකීම් පිළිබඳව එම වැඩමුළුව සඳහා සහභාගිවූ භටපිරිස් දැනුවත් කරනු ලැබීය. 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දරගේ උපදෙස් පරිදි 661 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් මධුර වික්‍රමරත්න ගේ මූලිකත්වයෙන් මෙම වැඩමුළුව ක්‍රියාත්මක කරන ලදී.

ගංවතුර, නියඟ, සුළි සුළං, සුනාමි සහ ගිනි ගැනීම් වැනි හදිසි ආපදා අවස්ථාවලදී කටයුතු කරන ආකාරය පිළිබඳ භටපිරිස් දැනුවත් කිරීමේ අරමුණින් දින හතරක් පූරා පැවැතී මෙම වැඩමුළුව සඳහා 66 වන සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන් නියෝජනය කරමින් අටදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් පහක් සහභාගි වූහ. මෙම වැඩමුළු අතරතුරදී, විශේෂ ප්‍රථමාධාර ක්‍රමවේදයන් හා විපතට පත් වූවන් මුදාගැනීමේ ක්‍රියා පටිපාටියන් මෙන්ම ඒ හා සම්බන්ධ ප්‍රායෝගික අභ්‍යාස පවත්වමින් භටපිරිස් පුහුණු කරවන ලදී. jordan Sneakers | New Releases Nike