Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2019 18:59:14 Hours

රණවිරු ඇපරල් ආයතනයේ විරෝදාර රණවිරුවන් වාර්ෂික චාරිකාවකට එක්වෙයි

යක්කල රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග ගේ උපදෙස් පරිදි රණවිරු ඇපරල් ආයතනයේ සේවය කරන සියළුම නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් සැප්තැම්බර් මස 20 සිට 21 දක්වා කාලය තුළ කතරගම සහ ඇඹිලිපිටිය ප්‍රදේශ ආශ්‍රීතව වාර්ෂික විනෝද චාරිකාවක නිරතවිය.

රණවිරු ඇපරල් ආයතනයේ සේවකයින් අතර අන්තර් පුද්ගල සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වසරේ වාර්ෂික චාරීකාව දියත් කර තිබිණි. සහජීවනය, කණ්ඩායම් හැගීම, සංවිධානාත්මක කුසලතා, මානසික ආතතිය හා මානසික පීඩනය අඩු කිරීම යන කරුණු මුල්කරගෙන මෙම ව්‍යාපෘතිය සෑම වසරකම සුභසාධන පියවරක් ලෙස ක්‍රියාත්මක කරනු ලබයි.

විනෝද චාරීකාවේ නිරත පිරිස පළමු දිනයේ (20) කිරිවෙහෙර සහ කතරගම යන පූජනීය සිද්ධස්ථානවල වන්දනාමාන කරමින් කිරිවෙහෙර චෛත්‍ය හි විශේෂ කප්රුක් පූජාවකට සහභාගී වූහ. අනතුරුව කිරිවෙහෙර විහාරයේ භික්ෂූන් වහන්සේලාට එම ආයතනයේ සේවක පිරිස ‘ගිලන්පස’ සහ ‘අට පිරිකර’ පූජා කළහ.

පසුව, සාම්ප්‍රදායික ‘කාවාඩි’ නැටුම් හා ‘හේවිසි’ කණ්ඩායම් සමඟ එක් වූ පිරිස දේවාල පරිශ්‍රය දක්වා පෙරහැරින් සපැමිණ එම කප්රුක් පූජාව සිදු කළහ.

මේ අතර, යක්කල රණවිරු ඇපරල් ආයතනයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එම ප්‍රදේශයේ දුෂ්කර පාසලක් වන කතරගම ගෝනගංආර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත අවශ්‍ය අභ්‍යාස පොත් පරිත්‍යාග කිරිම සඳහා විශේෂ වැඩසටහනක් ද සංවිධානය කරන ලදී.

පසුදා (21) දින උදේ, කතරගම සිට කඳවුරට ආපසු යන අතරවාරයේ, සහභාගී වූ යුද්ධ හමුදා සාමාජිකයින් සහ සියළුම මට්ටම්වල අධීක්ෂකවරුන් සහ කළමනාකරුවන් එක්ව ඇඹිලිපිටිය චන්ද්‍රිකා ජලාශයේ ඉවුරේ නතර වී ගිමන් නිවාගත් අතර එහිදී ලද මද විවේකයේදී රණවිරු ඇපරල් ආයතනයේ සංගීත කණ්ඩායමේ මියුරු සංගීතයෙන් එම සැදෑව වඩාත් වර්ණවත් විය.

රණවිරු ඇපරල් ආයතනයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් කපිල රණවීර එහි සියළු කටයුතු අධීක්ෂණය කළේය.

මෙම වාර්ෂික චාරිකාව සඳහා රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක, නියෝජ්‍ය සේනාවිධායක, කර්මාන්තශාලා කළමනාකරු, මානව සම්පත් කළමනාකරු, නිෂ්පාදන සැලසුම් හා වැඩ අධ්‍යයන කළමනාකරු ඇතුළු ආයතනයේ සේවය කරනු ලබන සියලුම නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් සහභාගී වූහ. jordan Sneakers | Sneakers