Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th September 2019 14:08:48 Hours

ජනාධිපති ලාංඡනයෙන් පිදුම් ලැබූ ප්‍රදේශයේ ප්‍රථම බාලදක්‍ෂයා වන නව මේජර් ජෙනරාල්ට බලදක්‍ෂයින්ගේ උපහාර

ජනාධිපති ලාංඡනයෙන් පිදුම් ලැබූ ප්‍රදේශයේ ප්‍රථම බාලදක්‍ෂයා වන මෑතකදී මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මෙන්ම හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු වෙත උපහාර පිදීමේ උත්සවයක් ඉකුත් සෙනසුරාදා (28) දින නිකවැරටිය ජයන්ති නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සහ බාලදක්‍ෂයින් එක්ව පැවැත්විණි.

මෑත අතීතයේ දී බාලදක්‍ෂයින් 2,800 කට අධික ප්‍රමාණයක් බිහිකිරීමෙන් පසු නිකවැරටිය ප්‍රදේශය තමාටම නමක් දිනාගත් මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මීට වසර ගණනාවකට පෙර ජනාධිපති ලාංඡනයෙන් පිදුම්ලැබූ පළමු බාලදක්‍ෂයා ද වේ. මෙම ජයග්‍රහණයට ඔහු දැරූ උත්සහය මෙන්ම මේජර් ජෙනරාල්වරයෙකුවීම සැලකිල්ලට ගනිමින්, බාලදක්‍ෂ ක්‍ෂේත්‍රයට උත්තේජයක් එක්කරමින් ජයන්ති නවෝද්‍යා මහා විද්‍යාලය, නිකවැරටිය ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව සහ අනෙකුත් සුභපතන්නන් එක්ව මෙම උපහාර උත්සවය සංවිධානය කරන ලදී.

එතුමන්ව ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව විසින් නිකවැරටිය නගර මධ්‍යයේදී ඉතා උණුසුම් අයුරින් පිළිගෙන පෙරහැරකින් විද්‍යාල පරිශ්‍රය වෙත කැටුවයන ලදී. විද්‍යාලීය පරිශ්‍රය වෙත සපැමිණි එතුමන්ව විදුහල්පති, ගුරුවරුන් සහ සිසු සිසුවියන් විසින් පාසල් ප්‍රධාන දොරටුව අභියස දී උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව එම විද්‍යාලයේ බාලදක්‍ෂයින් එතුමන් වෙත සුභපැතුම් එක් කළහ. ප්‍රථමයෙන්, එතුමන් පාසල් භූමීයේ පිහිටි බුදුමැදුර තුළදී බුදුන් වහන්සේට මල් පහන් පූජා කළේය.

බාලදක්‍ෂ වැඩසටහනේ කොටසක් ලෙස දින දෙකක් පුරා පැවති බාලදක්‍ෂ කඳවුරේදී මෙම උපහාර උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු පාසල් භූමි පරිශ්‍රයේදී ජාතික ධජය එසවීමෙන් අනතුරුව එතුමන්ව ප්‍රධාන ශ්‍රවණාගාරය වෙත කැටුව යන ලද අතර සාම්ප්‍රදායික පොල්තෙල් පහන් දල්වා උපහාර උත්සවය ආරම්භ කළහ.

එහිදී, විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.ඒ හේරත් මහතා පිළිගැනීමේ දේශනය සිදුකරමින් මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු බාලදක්‍ෂයෙකු ලෙස ක්‍රියාකරන අවදියේ ජනාධිපති ලාංඡනය ලබාගත් ප්‍රදේශයේ ප්‍රථම බාලදක්‍ෂයා බව පෙන්වාදෙමින් සිය ආචාර පුද කළේය.

ඉන් අනතුරුව, මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු සිසු සිසුවියන් ඇමතීමට ආරාධනා කිරීමට මත්තෙන් විද්‍යාලයේ විදුහල්පති විසින් එතුමන් ඇගයුමට ලක් කරමින් සමරුතිළිණයක් ප්‍රදානය කරන ලදී. පාසල් අවධියේ මතකයන් පිළිබඳ සිහිපත් කළ එතුමන් විනය හා කැපවීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු විද්‍යාල පරිශ්‍රයේදී, බලදක්‍ෂ කඳවුර සඳහා සහභාගී වූ බාලදක්‍ෂ බාලදක්‍ෂිකාවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය. jordan release date | Sneakers