Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th September 2019 08:07:45 Hours

යුද්ධ හමුදා මුයිතායි ප්‍රදර්ශනයක් සාලියවැවදී

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ‍ජෙනරාල් ධම්මිකා මුතුගල මහතා කරන ලද ඉල්ලීමකට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැක්වූ ප්‍රතිචාරයක් ලෙස යුද්ධ හමුදා මුයිතායි සටන් කලා සාමාජිකයින් විසින් වැඩමුළුවක් සහ ආත්මාරක්‍ෂක සටන් කලා ප්‍රදර්ශනයක් සාලියාවැව ආදර්ශ විද්‍යාලයේදී පවත්වනු ලැබීය.

මෙහි සමාරම්භක පුහුණු සැසිය ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින පැවැත්වූ අතර එම අවස්ථාවට එම පාසලේ හිටපු ආදී සිසුවෙකු වන ධම්මික මුතුගල මහතා සහ 4 වන ශ්‍රී ලංකා සංඥා බළකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් පී.පී.සී පෙරේරා සමඟින් විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුවරුන් සහ සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගී වූහ.

ශිෂ්‍ය ප්‍රජාව අතර මෙම සටන් කලාව ප්‍රචලිත කිරීම, ආත්මාරක්‍ෂක සටන් කලාව පිළිබඳ ඉගෙන ගැනීමට තරුණ තරුණියන් දිරිමත් කිරීම සහ ශාරීරිකව හා මානසිකව ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණදීම යන කරුණු පදනම් කරගනීමින් මෙම සටන් කලා ප්‍රදර්ශනය පැවැත්විණි.

මෙම පුහුණු සැසිය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ සිසු සිසුවියන් 400 කට අධික පිරිසක් සහභාගී වූහ. latest jordan Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News