Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th September 2019 23:10:37 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරී අරඹයි

කුරුණෑගල, බෝයගනේ ප්‍රදේශයේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ 18 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් ආර්.කේ.බී.එස්. කැටකුඹුර ඉකුත් අඟහරුවාදා (24) දින එම ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන්ව, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීය.

ඉන් අනතුරුව, එතුමන් මව්බිම වෙනුවෙන් දිවිපිදු පරම වීර විභූෂණ පදක්කම්ලාභී විජයබාහු පාබල රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් එම රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුද කරන ලදී. පසුව, ආගමික වතාවත් මධ්‍යයේ මේජර් ජෙනරාල් රොහාන් කැටකුඹුර සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි භාරගත්හ.

නව රෙජිමේන්තු අධිපතිතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළහ. ඉන් අනතුරුව පැවති සියලුනිල තේපැන් සංග්‍රහයකට සහභාගි වූ එතුමන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් අමතනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. latest Nike Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092