Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2019 14:15:11 Hours

මුලතිව් දිස්ත්‍රික් බැඩ්මින්ටන් තරඟාවලිය යුද්ධ හමුදා ක්‍රීඩාංගනයේදී

මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ. රූපාවතී කේතිෂ්වරන් මහත්මියගේ ඉල්ලීමකට අනුව මුලතිව් දිස්ත්‍රික් බැට්මින්ටන් තරගාවලිය මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ස්ථානගත 64 වන සේනාංක මූලස්ථාන ක්‍රීඩාපිටියේදී සැප්තැම්බර් මස 18 සිට 20 දින දක්වා පැවති අතර ඒ සඳහා අවශ්‍ය සියළු පහසුකම් යුද්ධ හමුදාව විසින් සපයන ලදී.

64 වන සේනාංක මූලස්ථානය විසින් සපයනු ලැබු පහසුකම් සහ ආගන්තුක සත්කාර මධ්‍යයේ මුලතිව් දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 141 ක් මෙම තරගාවලිය සඳහා සහභාගී වූහ.

මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ. රූපාවතී කේතිෂ්වරන් මහත්මිය විසින් කරන ලද ඉල්ලීමට දැකවූ ප්‍රතිචාරයක් ලෙස මෙම තරඟාවලිය යුද්ධ හමුදා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කරමින් ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් සහ ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩී.සී.කේ කොස්තා භටපිරිස් වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, යුද්ධ හමුදාව දැක්වූ සහයෝගය වෙනුවෙන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ. රූපාවතී කේතිෂ්වරන් මහත්මිය යුද්ධ හමුදාවට සහ 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩී.සී.කේ කොස්තා වෙත සිය ස්තූතිය පුද කරනු ලැබීය. Adidas shoes | Womens Shoes Footwear & Shoes Online