Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2019 15:00:06 Hours

දිවයිනට පැමිණි පාකිස්ථාන යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) පිළිබඳ නිරීක්‍ෂණය කිරීම සඳහා දිවයිනට පැමිණි පාකිස්තානු යුද්ධ හමුදාවේ විශේෂ සේවා කණ්ඩායමේ (Special Service Group) සේනාංකාධිපති මේජර් ජෙනරාල් හුසේන් මුම්ටාස් (Major General Hussain Mumtaz) ඉකුත් බදාදා (25) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවු අතර එම අවස්ථාව සඳහා පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් ඇතුළු පාකිස්ථාන හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

මෙම සුහද සාකච්ඡාවේදී පසුගියදා අවසන් වූ දියකාවා යුද අභ්‍යාසය සාර්ථකව අවසන් කිරීම සඳහා පාකිස්තානු යුද්ධ හමුදා සාමාජිකයින් දැක්වූ දායකත්වය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡා සිදුකෙරිණි. තවද, වර්ෂ 1960 දශකයේ සිට දෙරට අතර පවතින ශක්තිමත් හමුදා සබඳතා සහ සහයෝගීතාවය මෙන්ම ශ්‍රී ලංකා හමුදාව හා පාකිස්තානු හමුදාව සමඟ පැවැත් වූ පුහුණු වැඩසටහන් අඛණ්ඩව ඉදිරියටත් සිදුකිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යෙමු කෙරිණි.

පාකිස්තානු හමුදාව දැක් වූ සහයෝගයට උපහාර දක්වමින් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේජර් ජෙනරාල් හුසේන් මුම්ටාස් (Major General Hussain Mumtaz) වෙත සංකේතාත්මක සමරුතිළිණයක් ප්‍රදානය කළේය. අනතුරුව පාකිස්ථාන හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් යුද්ධ හමුදාධිපති කාර්යාලයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය. Nike Sneakers | Sneakers