Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th September 2019 15:34:07 Hours

පොලිස් මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ව ගෞරවපුර්වකව පිළිගනී

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව අද (25) දින උදෑසන කොළඹ පිහිටි පොලිස් මුලස්ථානය වෙත සපැමිණි අතර එහිදී වැඩබලන පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

පොලිස් මුලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියස සිට අධිවේගී මුර සංචාරයේ යෙදෙන පොලිස් යතුරුපැදි සමූහයක් විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පොලිස් මුලස්ථාන පරිශ්‍රය වෙත කැඳවාගෙන යාමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් කඳවුරු සම්මාන මුරයේ ගෞරවාචාරය පිළිගැනීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ට ආරාධනා කරන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොලීසිය විසින් සම්මාන ආචාර පෙළපාලියක් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදී.

එහිදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්ප්‍රදායානුකූලව පෙළපාලියේ අණදෙන්නා සමඟින් පෙළපාලිය පරීක්ෂා කරන ලදි. ඉන් පසුව යුද්ධ හමුදාධිපතිතුමන්ව, පොලිස්පතිතුමන්ගේ කාර්යාලය වෙත කැදවාගෙන යන ලද අතර එහිදි පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මෙහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ වැඩබලන පොලිස්පති සී.ඩි වික්‍රමරත්න මහතා සුහද අදහස් හුවමාරු කරගනිමින් රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් පොදු කරුණු සහ ශ්‍රී ලංකා පොලීසිය හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර පවතින සහයෝගීතාවය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

දෙපාර්ශවය අතර පැවති සුහඳ සාකච්ඡාව අවසානයේ වැඩබලන පොලිස්පති සී.ඩි වික්‍රමරත්න මහතා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතර පවතින අනෝන්‍ය සුහදත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. ඉන් අනතුරුව නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමන් පොලිස්පති කාර්යාලයෙන් නික්ම යාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක්ද තබන ලදී. latest Running Sneakers | New Jordans – Air Jordan 2021 Release Dates , Gov