Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2019 14:10:31 Hours

භටපිරිස් නිල්වලා ගං ඉවුරේ වැලි කොට්ටා අතුරා ගං ඉවුරේ ආරක්‍ෂාව තහවුරු කරයි

බස්නාහිර සහ දකුණු පළාතේ මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමග ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් අද (25) දින උදෑසන සිට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ අනෙකුත් ස්වේච්ඡා සංවිධාන සමඟ එක්ව කටයුතු කරනු ලබයි.

ඒ අනුව, බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 170 කට අධික ප්‍රමාණයක් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ඉඹුල්ගොඩ පිහිටි අරම්පත් විහාරස්ථානය, දෙනියාය විහාරහේන, මොරවක පිහිටි කොස්මෝදර වැඩිහිටි රෝහල, රටලංකාව, කඹුරුපිටිය මුලස්ථානය, බද්දේගම පිහිටි කිරිබටවිල විහාරස්ථානය, නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ඉමදුව විවේකාරාමය, පිටිගල සහ අනෙකුත් ප්‍රදේශයන්හි ගංවතුරෙන් විපතටපත් වූවන් මුදාගැනීමේ සහ සහන මෙහෙයුම්වල නිරතවීම සඳහා යොදවා ඇත. යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ සම්බන්ධීකරණයෙන් හදිසි අවශ්‍යතාවයක් ඇත්නම් භාවිතා කිරීම සඳහා සහන මෙහෙයුම්වලට යොදවා ඇති භටපිරිස් කණ්ඩායම් වෙත බෝට්ටු 9 ක්, ජීවිතාරක්ෂක ජැකට් 176 ක් සහ හදිසි අවශ්‍යතාවයකට භාවිතා කිරීම සඳහා යොදාගන්නා කඹ ආදිය ලබාදී ඇත.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ උපදෙස් මත ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ උද්ගතව ඇති ගංවතුර තත්ත්වයට සහන සැලසීම සඳහා 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ සහ 14 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් යොදවා ඇති අතර 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න, 581 වන බලසේනාවේ බලසේනාධිපති සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් එම ප්‍රදේශයේ සංචාරය කරමින් ගංවතුර තත්ත්වය පිලිබඳ සොයා බලයි.

ඉකුත් අඟහරුවාදා (24) දින, 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් හදිසි ආපදා තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් පවතින අයහපත් කාලගුණයත් සමග ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගගේ ජල මට්ටම ඉහළ ගොස් මාතර නගරයට ඔබ්බෙන් නාඩුගල ප්‍රදේශයේ එම ගගේ ගං ඉවුර බිදිගොස් ඇති බව සැලවූ වහාම කඩිනමින් ක්‍රියාත්මක වූ භටපිරිස් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව වැලි කොට්ට අතුරා ගං ඉවුරේ ආරක්‍ෂාව තර කිරීමට සමත්විය.

වැසි ජලය ප්‍රධාන ගඟට එකතුවීමත් සමඟම ගගේ ජල මට්ටම ඉහළ යන බැවින් ගං ඉවුර ශක්තිමත් නොකළහොත් ගං ඉවුර බිඳි ගොස් මුළු ප්‍රදේශයම ගංවතුර තර්ජනයකට ලක්වීමේ අවදානමක් පැවතිණි. ගං ඉවුරේ වැලි කොට්ට අතුරා ගං ඉවුර ශක්තිමත් කිරීමේ විශේෂ මෙහෙයුම ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ අතර එය අද (25) දින උදෑසන අවසන් කිරීමට භටපිරිස් සමත්විය.Mysneakers | Women's Nike Superrep