Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd September 2019 10:50:38 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් යාපනයේදී භටපිරිස් අමතමින් එතුමන්ගේ අනාගත දැක්ම පිළිබඳ පැහැදිලි කරයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියලුම නිලයින් ඉකුත් සිකුරාදා (20) දින ඇමතූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අනාගත දැක්ම පිළිබඳ පැහැදිලි කරමින් යුද්ධ හමුදාවේ ප්‍රමුඛතම වගකීම රටේ ජාතික ආරක්‍ෂාව සහ එහි ජනතාව සෑමවිටම ආරක්‍ෂා කිරීම බව අවධාරණය කළේය. කැපවීම, විනය, සන්නිවේදන කුසලතා, අත්දැකීම් හා ස්වයං සංවර්ධනය යනාදී කරුණු තුළින් ජාතිය ගොඩනැගීම, සහජීවනය හා සංහිඳියාව යන ජනවාර්ගික සමගිය පෝෂණය කිරීම සඳහා සේවය කළ හැකි පූර්ණ මට්ටමේ සොල්දාදුවෙකු බවට ඔබ පත් කරනු ඇතැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සියලු නිලයන්ගෙන් ඉල්ලා සිටියේ තම යුතුකම් කැපවීමෙන් හා වගකීමෙන් ඉටු කරන ලෙසයි. සොල්දාදුවෙකු යනු ප්‍රජාවකට අයත් විශේෂ දක්‍ෂ අයෙකු බැවින් ඔහු සෑමවිටම අන් අයට ආදර්ශයක් විය යුතු අතර ඔබත් එහි සාමාජිකයෙකු වීම පිළිබඳ ආඩම්බර විය යුතුය. විනය යනු නිල ඇඳුමින් සැරසී සිටින සෑම සොල්දාදුවෙකුටම මූලික ගුණාංගයකි. එබැවින් නිලධාරීන් සහ සෙසුනිලයන් තුළ ඉහළ මට්ටමේ විනයක් පවත්වා ගැනීම ඉතා වැදගත් බව යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

ඵලදායී ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා සෙබළුන්ගේ නිරන්තර මඟපෙන්වීම සහ අධීක්‍ෂණය ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් විසින් සිදුකරනු ලබයි. අනාගතයේදී ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මහජනතාව සමඟ එක්ව ජාතික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත. එබැවින් මෙම ව්‍යාපෘතිවල සාර්ථකත්වය සහතික කිරීම සඳහා වෘත්තීය සංවර්ධනය තුළින් වෘත්තීයභාවය ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය වේ.

“ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වශයෙන් අප ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියට දක්වන දායකත්වය පිළිබඳව සොයා බැලිය යුතුය. ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලිය පොදු ඉදිකිරීම්වලට පමණක් සීමා නොවිය යුතු අතර ජාතියේ තිරසාරභාවය කරා ළඟාවීම සඳහා ජාතියේ එකමුතුකම පිළිබඳ අපගේ අවබෝධය වර්ධනය කළ යුතුය. මේ රටේ සියලුම පුරවැසියන්ට දැනෙන පොදු පදනමක් යටතේ අපගේ ජාතිය සංවර්ධන කිරීමේ මෙහෙයුම පිළිබඳ සියලු පාර්ශවකරුවන් සමඟ ධනාත්මක සංවාදයක් වර්ධනය කළ යුතු අතර, ශ්‍රී ලාංකිකයන් යැයි කියා ගන්නා සෑම කෙනෙකුම ඒ සඳහා වගකිව යුතුය. අපගේ දායකත්වය තුළින් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට අප මූලිකත්වය ගත යුතුයි. ශ්‍රී ලාංකික සමාජය බහු ජනවාර්ගික, බහු ආගමික පුද්ගලයින් මෙන්ම විවිධ කුලවල, ආගම්වල සහ විශ්වාසයන්ගෙන් සමන්විත වේ. එක ජාතියක් ලෙස අප එකට නැගී සිටියහොත් පමණක් එක්සත්කම අත්කර ගත හැකිය. මේ සම්බන්ධයෙන් ගත් කල, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වශයෙන් අප රට අනෙකුත් රටවලට ආදර්ශයක් විය යුතුය. මා පැමිණියේ මාතලේ බහු සංස්කෘතික විවිධත්වය ප්‍රායෝගිකව පැවති පසුබිමකයි. මගේ ළමා කාලයේ සිට පාසැල් කාලය දක්වා, මම ජීවත් වූයේ ඉවසිලිවන්ත සමාජයකයි. එම විවිධ ජන කොටස්වල සහෝදර සහෝදරියන් එකට ජීවත් වූ අතර මම අදටත් ඔවුන් ඇසුරු කරමි.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

මෙහිදී, නිලධාරීන් වෙනම ඇමතූ යුද්ධ හමුදාධිපතිතුමන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කළ අතර වෛෂයිකභාවයට ළඟා වී මහජනතාවගේ අවධානයට ලක්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. යුද්ධ හමුදාධිපතිතුමන් නිලධාරීන්ට සිදුකළ කතාවේ කොටසක් උපුටා දැක්වේ;

“මහජනතාව හෝ යුද්ධ හමුදාව විසින් මූල්‍ය අක්‍රමිකතා සහ දේපල අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් මම දැඩි ලෙස ක්‍රියා කරන අතර යුද්ධ හමුදාවේ යහපත සඳහා භාවිතා කිරීමට අපේක්‍ෂා කරන කිසිදු දෙයක් නිලධාරියෙකු අනිසි ලෙස භාවිතා නොකළ යුතුය. එමනිසා, ඔබගේ අණදීම යටතේ සිටින සියලුම නිලධාරීන් සහ සෙසුනිලයන් යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපතිවරයා ලෙස මා විසින් නිකුත් කරන ලද නියෝග හා උපදෙස් පිළිපැදීමට වගබලා ගත යුතුය.”යැයි යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී පැවසීය.

“තවද, එය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය සහාය ලබා දිය යුතුය.  යුද්ධ හමුදාවේ උසස්වීම් අතිශයින්ම වැදගත් වන අතර සේවා සුදුසුකම් මෙන්ම නිර්ණායකයන්ට අනුව ඊළඟ ශ්‍රේණිය සඳහා වාර්ෂික තක්සේරුවෙහි පළපුරුද්ද, පුහුණුව, අධ්‍යාපනය සහ නිර්දේශය විනිශ්චය කරනු ලැබේ. උසස්වීම් සඳහා වාර්ෂික රහස්‍ය වාර්තා (ACRs) සලකා බලනු ලබන අතර, නිලධාරීන් වශයෙන් ඔබ සාර්ථක හමුදා වෘත්තිය සඳහා සාමාන්‍ය මට්ටමට වඩා දැනුම ඉහළ මට්ටමක පවත්වා ගත යුතුය. එමෙන්ම, ක්ෂේත්‍ර අත්දැකීම් අදාළ නිලධාරියාගේ සමස්ත ප්‍රතිරූපය මත පිළිබිඹු වේ. ඔවුන් යටතේ සිටින සෙබළුන්ට උසස්වීම් ප්‍රදානය කිරීම සඳහා කාලෝචිත නිර්දේශ ලබාදීමට සහතික කිරීම නිලධාරීන්ගේ වගකීමකි.  තවද, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමා යටතේ සිටින නිලධාරීන්ගේ වාර්ෂික රහස්‍ය වාර්තා (ACRs) නිසි වේලාවට පුරවා ඇති බවට සහතික විය යුතුය.” යැයි වෘත්තීය ප්‍රගතිය පිළිබඳ පෙන්වාදෙමින් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. buy footwear | jordan Release Dates