Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd September 2019 23:02:52 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් වෙත නාගදීප විහාරාධිපති ආශිර්වාද කරයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ සිදුකළ සංචාරයේ තවත් එක් අංගයක් ලෙස ඉකුත් සෙනසුරාදා (21) දින මීට වසර දහස් ගණනකට පෙර බුදුන් වහන්සේ වැඩම කරන ලද යාපනය නගරයට නුදුරින් නයිනතිව් දුපතේ පිහිටි පූජනීය නාගදීප රජමහා විහාරය වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්හ.

විහාරස්ථාන පරිශ්‍රයට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වත්මන් විහාරාධිපති හිමියන් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගත් අතර මෙම පූජනීය භූමියේ සංවර්ධන කටයුතු පිළිබඳව ද සොයා බැලීය. එහිදී, මහා සංඝරත්නය විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ට ආශිර්වාද කළ අතර ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරී භාරගැනීම පිළිබඳව ද සුබ පැතුම් එක් කළහ.

නාගදීප පූරාණ රාජමහා විහාරය ශ්‍රී ලංකාවේ බෞද්ධයන් වැඳපුදා ගන්නා පූජනීය ස්ථාන සොලොස්මස්ථානයන්ගෙන් එකකි. පළමුවන සියවසේ සිට වන්දනාකරුවන් නාගදීපයට පැමිණියේ එහි සුප්‍රසිද්ධ රාජායතන ස්ථූපයට නමස්කාර කිරීම සඳහාය. මෙම රාජායතන ස්ථූපය චූලෝදර හා මහෝදර නම් නාග රජවරුන් දෙදෙනා විසින් ඉදිකරන ලදී. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව පස්වෙනි වර්ෂයේ බක් මහ අමාවක පෝහො දිනක ශ්‍රී ලංකාවට දෙවන වරට වැඩම කළ අවස්ථාවේ නාගදීපයට වැඩම කළ සේක. ඒ මැණික් සහිත සිංහාසනයක් සන්තකයේ තබා ගැනීම පිළිබඳ ආරවුලක් සමථයකට පත් කිරීම පිණිසය. එම වටිනා සිංහාසනය බුදුරජාණන් වහන්සේට පූජා කරන ලදී. ඉන් අනතුරුව සිංහාසනය නැවත නාග රජවරුන් වෙත ලබාදෙන ලද අතර පසුව එය රාජායතන ස්ථූපයේ තැන්පත් කරන ලදී.

පූජනීය නාගදීප විහාරස්ථාන පරිශ්‍රයෙන් නික්මයාමට පෙර විහාරස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබූ යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී, දායක සභා සාමාජිකයින් කිහිපදෙනෙකු සහ බැතිමතුන් කිහිපදෙනෙකු සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ. Authentic Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092