Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd September 2019 09:37:51 Hours

අරාලිතුඩුවේදී දැයෙන් සමුගත් විරෝදාර රණවිරුවන් අනුස්මරණය කර උපහාර දක්වයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ සිදුකළ දින දෙකක සංචාරයේදී, මීට වසර 27 කට පෙර යාපනය කයිට්ස් දුපතේ අරාලි තුඩුවේ දී තම මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීමේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු අනෙකුත් විරෝදාර රණවිරුවන් නවදෙනාගේ මතකයන් සිහිපත් කරමින් ඔවුන්ට උපහාර පුදකිරීම සඳහා එක්විය.

මෙම උත්සවයේ දී, යුද්ධ හමුදාධිපතිතුමන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අරාලිතුඩුවේ පිහිටි රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ අමරණිය මතකයන් සිහිපත් කර ඔවුන්ට සිය ගෞරවාචාරය පුද කළේය. මෙම අවස්ථාව සඳහා යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් සහභාගී වූහ. මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදා ඉතිහාසයේ බිහි වූ සුවිශේෂී යුද විරුවෙකු වූ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් ජෙනරාල් විජය විමලරත්න සහ රියර් අද්මිරාල් මොහාන් ජයමහ ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් ගමන් ගත් වාහන පෙළට 1992 අගෝස්තු මස 8 වන දින එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් අරාලි තුඩුවේ දී එල්ල කළ ප්‍රහාරයෙන් ඔවුන් දැයෙන් සමුගත්හ. Sneakers Store | Buy online Sneaker for Men