Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st September 2019 12:30:36 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආදීනම් ප්‍රධානී හමුවී ආශීර්වාද ලබාගනී

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනයේ සිදුකළ සංචාරය අතරතුර ඉකුත් සිකුරාදා (20) දින යාපනයේ නල්ලෙයි තිරුඥාණසම්පන්තර් ආදීනම් හිදී නල්ලෙයි අදීනම් ප්‍රධානී ශ්‍රී ලා ශ්‍රී සෝමසුන්දාර ඥාණසම්පන්ද පරමචරියා ස්වාමිගල් හමුවිය.

යුද්ධ හමුදාධිතිතුමන් සමඟ පැවති කෙටි සාකච්ඡාවේදී ආදීනම් ප්‍රධානී පොදු කරුණු කිහිපයක් පිළිබඳව සුහදව අදහස් හුවමාරු කරගත් අතර ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරගැනීම පිළිබඳව සිය ප්‍රසංශාව පළ කළේය. මහජනාතාව වෙනුවෙන් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සිදුකරනු ලබන කාර්යභාර්ය අගය කළ ආදීනම් ප්‍රධානී හින්දු චාරිත්‍ර හා වාරිත්‍ර සිදුකර යුද්ධ හමුදාධිපතිතුමන්ට ආශීර්වාද එක් කළේය. මෙම සුහද හමුව අවසානයේදී ආදීනම් ප්‍රධානී සුහදත්වය සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ ත්‍යාගයක් පිරීනැමීය.

යුද්ධ හමුදාපතිතුමන් එම පරිශ්‍රයට පැමිණි විගසම ආදිනම් ප්‍රධානී වෙත දැක්වූ ගෞරවයේ සංකේතයක් ලෙස පලතුරු වට්ටියක් පූජාකරනු ලැබීය. මෙම හමුව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ද සහභාගි විය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් පූජනීය නල්ලූර් කෝවිල වෙත පැමිණ විශේෂ පූජාවකට එක්වී ආශීර්වාද ලබාගත්හ. Running sports | Footwear