Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st September 2019 11:32:09 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය නගරයේ පිහිටි ශ්‍රී නාග විහාරය වැඳපුදාගනී

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ සිදුකරනු ලබන සංචාරය අතරතුර ඉකුත් සිකුරාදා (20) දින යාපනය නගරයේ පිහිටි ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති මීගහජන්දුරේ සිරිවිමල හිමිපාණන් බැහැදුටුවේය. විහාරාධිපති හිමිපාණන් බුද්ධ මන්දිරයේ දී ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව නව යුද්ධ හමුදාධිපතිතුමන්ට ආශීර්වාද එක් කරමින් පිරිත් නූලක් ගැටගසනු ලැබීය.

විහාරාධිපති හිමිපාණන්, නව පත්වීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය ප්‍රසංශාව පළ කළ අතර ජාතියේ යහපත උදෙසා තම ජාතික යුතුකම් හා ආරක්‍ෂාව නොපිරිහෙලා ඉටුකිරීම සියලු ශක්තිය හා ධෛර්යය ලැබේවායි උන්වහන්සේ ප්‍රාර්ථනා කළේය.  එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් රිදී ආලේපිත පැන් කෙන්ඩියක අනුරුවක් විහාරාධිපති හිමිපාණන් වෙත පිළිගැන්වූ අතර විහාරස්ථාන පරිශ්‍රයේ නික්මයාමට පෙර යුද්ධ හමුදාධිපතිතුමන් විහාරස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් විහාරාධිපති හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමේ අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ද එක්විය. bridgemedia | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ