Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th September 2019 16:21:14 Hours

උද්ඝෝෂනයේ නිරතව සිටින යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් යුද්ධ හමුදාධිපති හමුවෙයි

මාධ්‍ය නිවේදනය

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (18) දින දහවල් උද්ඝෝෂනයේ නිරතව සිටින යුද්ධ පිටියේදි තුවාල ලබා තවමත් සුවය ලබමින් සිටින ආබාධිත රණවිරුවන්ගේ නියෝජිතයින් කිහිපදෙනෙකු යුද්ධ හමුදා මූලස්ථානයේ සිය කාර්යාලයට ආරාධනා කර ඔවුන්ගේ ගැටළු සහ දුක්ගැනවිලි පිළිබඳව විමසන ලදී.

මෙම සාකච්ඡාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් එම පිරිසගෙන් ඉල්ලා සිටියේ සේනාධිනායක අතිගරු ජනාධිපතතුමන් විසින් අඟහරුවාදා (17) දින මෙම කරුණ සම්බන්ධව වන විශේෂ කැබිනට් පත්‍රිකාවක් අත්සන් කර කඩිනම් අනුමැතිය සඳහා යොමු කර ඇති අතර ඒ පිළිබඳව දැනටමත් ඔබගේ එක් නියෝජිතයෙකු දැනුවත් වී ඇති බව ප්‍රකාශ කළ යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ රණබිමේ දී තුවාල ලැබු නිලධාරියෙකු වන තමන් තවමත් එම තුවාල වලින් පීඩා විදින බැවින් තමන්ගේ රණවිරුවන් ගැන දැඩි සැලකිල්ලක් දක්වන බවත්, යුද්ධ හමුදාවේ සියලුම සාමාජිකයින්ට තමන්ට හැකි උපරිමයෙන් සාධාරණයක් ඉටුකිරිමට කටයුතු කරන බව ද පැවසීය.

තමන් ඉදිරි ක්‍රියාදාමය පිළිබඳ සමීප සම්බන්ධතාවයෙන් කටයුතු කරන බවට ලුතිනන් ජෙනරාල් සිල්වා ත්‍රිපුද්ගල නියෝජිත කණ්ඩායමට සහතික වූ අතර එය පසු විපරම් කිරීම නොවරදවාම සිදුකරන බැවින් තව සුළු කාලයක් සන්සුන්ව හා ඉවසිලිවන්තව කටයුතු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි සහ රණසේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය. (නිමාව) latest jordans | Nike