Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th September 2019 20:14:03 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නොබෝ දිනකින් විශ්‍රාම දිවියට පිවිසිමට නියමිත මේජර් ජෙනරාල් වරුන් දෙදෙනෙකුගේ විශිෂ්ඨ සේවය ඇගයීමට ලක් කරයි

දශක තුනකට අධික කාලයක් පුරා තම රට වෙනුවෙන් සිදු කළ නිකලැල් හා කැපවූ සේවය නිම කර නොබෝ දිනකින් විශ්‍රාම ගැනීමට නියමිත මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු සහ මේජර් ජෙනරාල් චන්න ගුණවර්ධන යුද්ධ හමුදාධිපති විසින් සිදු කළ ආරාධනයකට අනුව අඟහරුවාදා (17) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදි යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

අනතුරුව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නුදුරේදී විශ්‍රාම දිවියට පිවිසිමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා සමඟ සුහඳ සාකච්ඡාවක නිරතවෙමින් යුද හමුදාවේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් දැක්වූ ආදර්ශමත් දායකත්වය වෙනුවෙන් කෘතඥ පූර්වක ස්තුතිය පුදකරමින් එම ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් අමතක නොවන අතීත මතකයන් සිහිපත් කළේය.

අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විශ්‍රාම දිවියෙන් පසු අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් මතක සටහනක් ලෙස විශේෂ සකේතාත්මක සමරුතිළිණ ප්‍රදානයක් සිදු කළේය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ඉකුත් සෙනසුරාදා (14) දින සිය ධූරයේ රාජකාරීන් නිමකරන විට මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස වසර දෙකකට වැඩි කාළයක් රාජකාරීයේ යෙදි සිටියේය.

මේජර් ජෙනරාල් චන්න ගුණවර්ධන විශ්‍රාම දිවියට පැමිණෙන තුරු බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක ලෙස සේවය කරමින් සිටි අතර තවද එතුමන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙසද රාජකාරී කළේය. එතුමන් සිය වෘත්තීය ජීවිතය තුළ කීර්තිමත් පත්වීම් ගණනාවක් හොඹවා ඇති ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරියෙකි.Mysneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp