Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th September 2019 20:27:17 Hours

රුසියන් තානාපති යුද්ධ හමුදා මූලස්ථානයේ දී හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ සහ මාලදිවයින් ජනරජයේ තානාපති ගරු යූරි මැටරි (His Excellency Mr Yury Materiy) මහතා සදුදා (12) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සිය සුභපැතුම් එක් කළේය.

ඉන් අනතුරුව හමුදාධිපති කාර්යාලයේදී පැවති කෙටි සාකච්ඡාවක දී තානාපතිතුමා විසින් නව තනතුරට පත්කිරිම පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය සුබ පැතුම් එක් කරමින් එහිදී තම රජය වෙනුවෙන් ද එතුමන් වෙත සතුට ප්‍රකාශ කළේය.

යුද හමුදා මූලස්ථානය වෙත පැමිණීම පිළිබඳව තානාපතිවරයාට ස්තූති කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සිල්වා, දෙරට අතර මෙන්ම ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අතර පවතින දීර්කාලීන මතකයන් සිහිපත් කළේය.

මානුෂීය මෙහෙයුම්වල තීරණාත්මක කාල සීමාවන් තුළ ශ්‍රී ලංකා හමුදාවට අඛණ්ඩව ණය ලබා දීම සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවේ සාමාජිකයින්ට පුහුණු අවස්ථා ලබාදෙමින් දැක්වූ සහයෝගය ශ්‍රී ලාංකිකයින්ට කිසි විටෙකත් අමතක නොවන බව යුද්ධ හමුදාධිපතිතුමන් එහිදි තානාපතිවරයාට පැවසීය.

මෙම සුහඳ හමුව අවසානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සිල්වා රුසියන් තානාපතිතුමාගේ පැමිණිම වෙනුවෙන් සිය ස්තූතිය පුදකරමින් තානාපතිවරයාට විශේෂ සමරුතිළිනයක් පිරිනැමීය. තවද යුද්ධ හමුදාපති කාර්යාලයේ පැවති මෙම කෙටි සාකච්ඡාව සඳහා රුසියන් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක ප්‍රධානිද එක් විය.

ගරු යූරි මැටේරි මහතා (HE Mr Yury Materiy) ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ තොරතුරු හා ජන මාධ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විය. තවද ඔහු වියට්නාමයේ ඩා නන්ග් හි රුසියාවේ කොන්සල් ජෙනරාල්, පාකිස්තානයේ කරච්චි හි රුසියාවේ කොන්සල් ජෙනරාල් සහ තොරතුරු හා පුවත්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන උපදේශක ලෙස ද සේවය කර ඇත. affiliate tracking url | UK Trainer News & Releases