Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th September 2019 15:54:19 Hours

නික්මයන මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ට එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් හි ගෞරවාචාරය

නික්මයන මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූල කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් මුලතිව් ආරක්‍ෂක සේනා භටපිරිස් විසින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉකුත් සෙනසුරාදා (14) දින පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා සැපැමිණි නික්මයන මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු වෙත 14 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුද කරනු ලැබීය. මෙම උත්සව අවස්ථාව සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියළු නිලධාරීන් ඇතුළු 59, 64, සහ 68 වන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන් පැමිණ සිටියහ.

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත එතුමන් සිදු කළ අමිළ මෙහෙවර සනිටුහන් කිරිම උදෙසා එතුමන් විසින් එම කදවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළේය.

ඉන් අනතුරුව නික්ම යන මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියළු භට පිරිස් අමතමින්, සිය ධුර කාලය තුළ තමාට ලබා දුන් සහයෝගය පිළිබඳව සියලු නිලයන්ට සිය ස්තූතිය පුද කළේය.

තවද නික්මයන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ ස්ථාපිත 59, 64 සහ 68 යන සේනාංකවල අවසන් වරට සංචාරයක නිරත වු අතර එම අවස්ථාවන්හීදී ද එතුමන් වෙත එම සේනාංකයන්හී භටපිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූල ගෞරව සම්මාන පිළිගැන්විය.

මෙම උත්සව අවස්ථාවන් අවසානයේදී නික්මයන ආඥාපතිතුමන් වෙත මතක සටහනක් ලෙස එම අවස්ථාවට සහභාගීවී සිටි සේනාංකාධිපතිවරුන් විසින් විශේෂ සමරුතිළිණ පිළිගැන්විය. buy footwear | adidas Yeezy Boost 350