Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2019 11:17:06 Hours

මුලතිව් දිස්ත්‍රික්කයේදී පොල්පැල බෙදාදීමේ වැඩසටහනක්

අඩු ආදායම් ලාභී පවුල් වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් අතිරේක බෝගවගාවක් ලෙස පොල් පැළ වගාකිරිමේ වැඩසටහනක් 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩී.සී.කේ කොස්තා ගේ උපදෙස් මත එම සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින මුලතිව් ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 250 කට පොල් පැළ 500 ක් බෙදාදෙනු ලැබීය.

64 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් මුලතිව් පිහිටි කුලමුරිප්පු සූසායප්පර් දේවස්ථානයේ දී සංවිධානය කරනු ලැබු උත්සවයකදී මෙම පැළ තොගය බෙදාදෙන ලදී.

පොල් පැළ වගා කිරීම සඳහා උතුරු ප්‍රදේශයේ භූමිය සුදුසු බව විද්‍යාත්මක පර්යේෂණවලින් ද සනාථ වී ඇත. Nike air jordan Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ