Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2019 06:53:33 Hours

පෙර පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීමට මුල්ගල තබයි

පරන්තන් ප්‍රදේශයේ 2 වන සැතපුම් කණුව අසල පිහිටි නවජීවානම් දේවස්ථානයේ නව පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය ඉකුත් සඳුදා (9) දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඇස්තමේන්තුවට අනුව, නව පෙර පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 2 කට ආසන්න මුදලක් වැය වන අතර කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ භටපිරිස් විසින් මේ සඳහා ශ්‍රමදායකත්වය ලබාදෙයි.

මුල්ගල තැබීමේ උත්සවය සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙතෝදිස්ත සභාවේ සභාපති ගරු එස්.එස්. තෙරේසා පියතුමන්, උතුරු පළාතේ හිටපු අධ්‍යාපන ඇමති ගුරුගුල්රාජ් මහතා, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.පී.එස්. ද සිල්වා, 573 වන බලසේනාවේ බලසේනාධිපති, 57 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 1 වන සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. latest Running | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp