Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2019 09:53:28 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පළමු නිල සංචාරය සිදුකරයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඉකුත් ඉරිදා (08) දින නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පළමු නිල සංචාරය සිදුකරමින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ දැනුවත් විය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ප්‍රධාන දොරටුව අභියසදී, එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, සරඹ භූමියේ දී ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පිහිටි විහාරස්ථාන පරිශ්‍රයේ ‘සල්’ පැළයක් රෝපණය කරනු ලැබීය.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සියලුම සේනාංක හා බලසේනා මෙන්ම ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර යටතේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් අමතමින් අපේ‍්‍රල් 21 දින එල්ලවූ පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ජාතිය වෙනුවෙන් කැපවී කටයුතු කිරීම සහ අනෙකුත් ජාතින් ගොඩනැගීම සඳහා භටපිරිස් දැක්වූ දායකත්වය පැසසුමට ලක් කළේය.

එමෙන්ම, යුද්ධ හමුදාධිපතිතුමන් සියලුම සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන් සමඟ ප්‍රදේශයේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය සහ භටපිරිස් සමඟ කටයුතු කිරීමේදී ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් සමුහ ඡායාරූපයකට පෙනිසිටි යුද්ධ හමුදාධිපතිතුමන් ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය. Sportswear free shipping | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp