Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2019 08:53:57 Hours

නෙල්ලිගල ආශීර්වාද පිංකමකට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි 

මහනුවර නගරයට නුදුරින් මෑතකදී ඉදිකරන ලද නෙල්ලිගම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භික්‍ෂුන් වහන්සේලාගේ ඉල්ලීමකට අනුව ඉකුත් සෙනසුරාදා (07) දින මල්වතු පාර්ශවයේ මහානායක හිමිපාණන් සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිපාණන් ඇතුළු භික්‍ෂුන් වහන්සේලා 100 කට අධික පිරිසක් වැඩමකරවා පැවැති විශේෂ ආශීර්වාද පිංකමකට සහ ජය පිරිත් සජ්ඣායනාවකට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය සහභාගි වූහ.

යුද්ධ හමුදාව සහ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ලබාදුන් සහයෝගය අගය කරමින් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් විසින් මෙම විශේෂ ආගමික වතාවත්වලට සහභාගී වන මෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ට ආරාධනා කර ඇති අතර ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරී භාරගැනීම සම්බන්ධයෙන් භික්‍ෂුන් වහන්සේලා ආශිර්වාද එක් කළහ.

මෙම ආශිර්වාද පූජාව සඳහා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමිපාණන්, මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කූඹුරේ විමලධම්ම නාහිමිපාණන්, ගලිගමුවේ ඥාණප්‍රදීප නාහිමිපාණන් ඇතුළු භික්‍ෂුන් වහන්සේලා 100 කට අධික පිරිසක් වැඩම කර සිටියහ.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මහත්මිය එක්ව ධාතුකරඩුව වෙත ‘ගිලන්පස’ පූජා කර ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්ට සහ එම මැතිණිය අස්ගිරි පාර්ශවයේ මහානායක හිමිපාණන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක හිමිපාණන් එම විහාරස්ථාන භූමියේදී බැහැදැක ආශිර්වාද ලබාගත් අතර යුද්ධ හමුදාවේ සියළු අනාගත ප්‍රයත්න සඳහා උන්වහන්සේලා ආශිර්වාද එක් කළහ. මෙහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් මහානායක හා අනුනායක හිමිවරුන්ට ‘අටපිරිකර’ ද පූජා කළේය. Running sports | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals