Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st August 2019 15:38:18 Hours

කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණයේ සංස්කෘතික ප්‍රසංගයේ ඩිජිටල් නර්තන නිර්මාණය පැමිණ සිටි සියලුදෙනාගේ ආකර්ෂණය දිනාගනී

යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම විසින් ‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය - 2019’ සඳහා සහභාගී වූවන් වෙනුවෙන් සංස්කෘතික ප්‍රසංගයක් ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින සන්ධ්‍යාවේ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්වූ අතර ඩිජිටල් තාක්‍ෂණයේ දැවැන්ත වෙනසක් සිදුකරමින් පැය දෙකකට අධික කාලයක් මෙම නව හෝටලයේ ප්‍රථම වරට ත්‍රිමාන ඩිජිටල් ප්‍රසංගයක් පවත්වමින් සියගණනක් නර්තන ශිල්පීන් වේදිකා ගතකර පැමිණ සිටි ප්‍රේක්‍ෂකයින්ගේ සිත් සතුටු කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනයකට අනුව, සංස්කෘතික ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සියලු ප්‍රේක්‍ෂකයින් අතරින් අසුන්ගත්හ.

මෙම ප්‍රසංගයේදී, මෙසෝසොයික් යුගයේ සිට නව යුගය ආවරණය වන පරිදි මානව වර්ගයාගේ විස්මිත ජීවිතයේ විවිධත්වය හා පරිණාමයේ විවිධ අවදිවල තනු නිර්මාණය කරමින් සියලු ජනවාර්ගිකයන් ජිවත්වන ශ්‍රී ලංකාවේ සෞන්දර්යාත්මක ලක්ෂණ සියලුදෙනාගේ අත්පොලසන් හඬ මධ්‍යයේ ප්‍රදර්ශනය කරන ලදී. එහි විශේෂත්වයක් ලෙස වේදිකා කළමනාකරණය ඇසට හසු වූ නමුත් අවිනිශ්චිත ඩිජිටල් ප්‍රදර්ශනයේ පූර්ව ඵෙතිහාසික නර්තන රටා සහ ජීවනෝපාය ආකෘතීන්, වෙළඳාම සමඟ සහජීවනය යනාදිය එක්වූ ජීවන රටාවන්, එක්සත් පැවැත්ම සඳහා කෘෂිකාර්මික සැකසුම්, නවීන නර්තන අංග සහ අවසානයේ උඩරට සහ පහතරට නර්තන අංගයන්ගෙන් ප්‍රසංගය වර්ණවත් විය.

මෙම උත්සවය සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා විතා ඒකකයේ සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය ද සහභාගී වූහ. Running Sneakers Store | Nike Air Max 270