Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2019 17:24:12 Hours

‘එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ මනෝ විද්‍යාඥයකු ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන හා රැඩිකලීකරණයට එරෙහිව ක්‍රියාත්මක වන ආකාරය අගය කරයි’ යැයි පකිස්තාන පර්යේෂකයෙකු පවසයි

බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණයේ ‘ත්‍රස්තවාදයට මුහුණදීම’ යන තේමාව යටතේ පැවැති දෙවන සැසිවාරයේ දී පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ සහකාර අසාද් උල්ලා ඛාන් මහතා (Mr Asad Ullah Khan) ‘ශ්‍රී ලාංකීක අත්දැකීම්වලින් උගත් පාඩම්’ යන උප මාතෘකාව පිළිබඳව සිය අදහස් දක්වමින් මනෝවිද්‍යාඥයින් විසින් සිදුකල පර්යේෂණ වැඩසටහනට අනුව ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ පුනරුත්ථාපන ක්‍රියාවලිය හා රුඩිකලීකරණයට එරෙහිව සිදුකරන ක්‍රියාකාරකම් ඉතා සාර්ථකව සිදුකර ඇති බවට සනාථ වී ඇතැයි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින ලදී.

සිය දේශනයේදී, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකරනු ලැබූ මානුෂීය මෙහෙයුම් නතර කිරීමට බටහිර රටවල් බොහෝමයක් අවසාන මොහොතේ උත්සාහ කල නමුත් කුරිරු ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ශ්‍රී ලංකාව තනිව ලබාගත් යුද ජයග‍්‍රහණය ලොවට ප‍්‍රබල පණිවුඩයක් දුන් බව එතුමන් විසින් පෙන්වා දෙනු ලැබීය. url clone | Nike sneakers