Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th August 2019 06:12:50 Hours

“ආරක්‍ෂක සමුළුවේ අන්තර්ගතය සහ පොදු ආරක්‍ෂක සම්බන්ධතාවයන්හී ඇති වැදගත්කම පිළිබඳව” ආරක්‍ෂක ලේකම් පැහැදිලි කරයි

‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය - 2019’ අද (29) දින උදෑසන කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කළ අතර එහිදි ආරම්භක දේශනය සිදු කළ ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සර්වකාලීන සූදානමක අවශ්‍යතාවය සහ අන්තරාදායක ආරක්‍ෂක ප්‍රවර්ධනය විවේචනාත්මකව ආමන්ත්‍රණය කිරීමේ ඇති අවශ්‍යතාව පෙන්වාදෙමින් මානව වර්ගයාගේ මූලික ජීවනෝපායට සෘජුවම බලපාන ආරක්‍ෂක හා සංවර්ධන ගැටළු පිළිබඳව කරුණු වැඩිදුරටත් පැහැදිලි ක‍ළේය.

ආරක්‍ෂක සමුළුවේදී එතුමන් සිදු කළ දේශනය පහතින් දැක්වේ;

“මෙම ආරක්‍ෂක සමුළුවේ ආරම්භක දේශනය සිදු කිරීමට මට ආරාධනා කිරීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිට ස්තූතිවන්ත වන අතර, අඛණ්ඩව 9 වන වරටත් පවත්වනු ලබන මෙම ජාත්‍යන්තර සමුළුවට අවශ්‍ය පහසුකම් සලසමින් ගෝලීය සාමය හා ස්ථාවරත්වය පවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය සහතික කර ඇති බවට අවධාරණය කරමි. ‘සමකාලීන ආරක්‍ෂක වටපිටාව තුළ විකාසනය වන හමුදාමය විශිෂ්ටත්වය’ යන තේමාව යටතේ ගෝලීය අවශ්‍යතා සහ පොදු ආරක්‍ෂක ගැටළු පිළිබඳව සාකච්ඡාව කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.”

“මෙහිදි මා ප්‍රථමයෙන්ම, ආරක්‍ෂක සම්මන්ත්‍රණය 2019 වෙනුවෙන් අපගේ මාතෘභූමියට සපැමිණි සියලුම විදේශීකයන් හා දේශීය සම්භාවනීය අමුත්තන් මෙන්ම සහභාගිවන්නන් සාදරයෙන් පිළිගන්නා අතර මෙම අවස්ථාව සාර්ථක කරගැනිම සඳහා යුද්ධ හමුදාධිපති ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් දැරූ උත්සහය මා ඉතාමත් අගය කරනවා.”

“රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන්ගෙන් නැගී එන සම්ප්‍රදායික අභියෝග ජයගැනීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල සටන්කාමීන් පුහුණු කළ හැකි හා නවීන ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කෙරෙන ලෝක ව්‍යාප්ත සාකච්ඡාවක පසුබිමක් තුළ අපි මෙම සම්මන්ත්‍රණය පවත්වන බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මෙම සම්මන්ත්‍රණයේ සාකච්ඡාවන් මගින් හමුදාමය නවීකරණය, සම්පත් අවහිරතා සහ සහභාගී වන ජාතික රාජ්‍යයන්ගේ තිරසාර සංවර්ධන සහ අන්තර් සහයෝගීතාවය පිළිබඳ පැහැදිලි එකඟතාවයක් පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත්, අවහිරතා සහ සංවර්ධන න්‍යායපත්‍ර නොතකා කල්පවත්නා සාමය, ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය සාර්ථකත්ව උදාකරගැනීම සඳහා වන අපගේ අවබෝධය හා කැපවීම තුළින් අනාගතයේ දී ලෝකයේ විවිධ රටවලින් එල්ල විය හැකි අනවශ්‍යය බලපෑම් සහ මැදිහත්වීම් අවම කරගැනීමට හැකිවනු ඇත.” යනුවෙන් එතුමා විසින් අවධාරණය කරන ලදී. Running sports | Men’s shoes