Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd August 2019 14:47:36 Hours

නික්මයන 22 වන යුද්ධ හමුදාධිපති ජෙනරාල් මහේෂ් සේනානායක වෙත තම මව් රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ගෞරවාචාරය පිරිනමයි

වසර 35 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ඉංජිනේරු බලකා රෙජිමේන්තුවේ ප්‍රධාන පෙලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ජෙනරාල් මහේෂ් සේනානායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල සමුදීමේ උත්සවයක් ඉකුත් සිකුරාදා (23) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.

ඉංජිනේරු බලකා මූලස්ථානය වෙත සපැමිණි ජෙනරාල් මහේෂ් සේනානායක, ප්‍රධාන දොරටුව අභියසදී ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක මෙන්ම වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රවින්ද්‍ර ඩයස් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිත්‍ය සහ ස්වෙච්ඡා ඒකකයන්හි භටපිරිස්ගෙන් සැඳුම්ලත් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය සරඹ භූමියේ දී නික්මයන යුද්ධ හමුදාධිතුමන් වෙත පිරීනමනු ලැබීය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු කමිටු සාමාජිකයින් සමඟ සුහද සාකච්ඡාවක් පැවැත්වූ නික්මයන 22 වන යුද්ධ හමුදාධිපතිතුමන් බළලත් නිලධාරී හා සැරයන් නිවස්නයේ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහය සඳහා සහභාගි වී එහි සිටි සියලුදෙනා සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර ඉන් අනතුරුව, නිලධාරීන් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනීසිටියහ.

නික්මයන යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව විධිමත් රාත්‍රී භෝජන සංග්‍රහයක් පිළිගැන්වූ අතර එහිදී, නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමන් සිය සමුගැනීමේ දේශනය සිදුකිරීමෙන් අනතුරුව විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය. Buy Sneakers | Nike