Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th August 2019 19:04:13 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පැවැති පරිගණක පාඨමාලාව සාර්ථකව නිමාවට

යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ‘ඔරියන්ට් ලංකා ඇකඩමිය’ සමඟ පූර්ණ සම්බන්ධතාවයෙන් පැවැත්වූ මුලික තොරතුරු තාක්‍ෂණ පාඨමාලාව ඉකුත් සඳුදා (19) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී සාර්ථකව නිමාට පත්විය.

සති 3 කට අධික කාලයක් පැවැති මෙම දීර්ඝකාලීන තොරතුරු තාක්‍ෂණ පාඨමාලාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකක නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් 21 දෙනෙකු සහභාගි වූහ.

6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ඉංජිනේරු සෙබළ එල්.එච්.එන්. ෆොන්සේකා පාඨමාලාවේ ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් කුසලතා සම්මානයක් දිනාගත් අතර 14 වන ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ එම්.එම්.එස්. උදය කුමාර සහ 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ සංඥා සෙබළ එම්.ජි.සී.බී. ජයතිලක පිළවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගත්හ.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ප්‍රියන්ත ගමගේ විසින් සමාප්ති උත්සවයේ දී පාඨමාලාව සඳහා සහභාගිවූවන්ට සහතිකපත් පිරීනමනු ලැබීය. latest Nike Sneakers | Sneakers