Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th August 2019 23:36:54 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - (උතුර) නව ආඥාපති රාජකාරි අරඹයි

ඉදිරි නඩත්තු පෙදෙස - (උතුර) නව ආඥාපති ලෙස බ්‍රිගේඩියර් ලක්‍ෂ්මන් ප්‍රනාන්දු ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින සිය කාර්යාලයේ දී රාජකාරී ආරම්භ කරන ලදී. ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ආඥාපතිතුමන් මාණ්ඩලික නිලධාරීන් ඉදිරියේ සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

තවද, මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ ‘පොල්’ පැළයක් ද රෝපණය කල අතර ඉන් අනතුරුව, ඉදිරි නඩත්තු පෙදෙස - (උතුර) යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අමතනු ලැබීය.

සිය ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් ලක්‍ෂ්මන් ප්‍රනාන්දු කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල ශික්‍ෂණ රෝහලේ පරිපාලන අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන ලදි. Sports Shoes | Nike