Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th August 2019 14:20:55 Hours

122 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරී අරඹයි

122 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් ලංකා අමරපාල ඉකුත් අඟහරුවාදා (13) දින වීරවිල ප්‍රදේශයේ පිහිටි එම බලසේනා මූලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කරන ලදී.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන්ව, ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමා උණුසුම් ආයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, නව බලසේනාධිපතිතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගත් අතර එම අවස්ථාව සඳහා අණදෙන නිලධාරීන් සහ එම බලසේනාවේ නිලධාරීන් සහභාගි වූහ.

බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව බලසේනාධිපතිතුමන් භටපිරිස් අමතනු ලැබීය. ඉන් අනතුරුව පැවැති තේපැන් සංග්‍රහයකට ද එතුමන් සහභාගි විය.

නව ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම කර්නල් ලංකා අමරපාල 593 වන පාබල බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරී කළහ. Adidas shoes | Nike