Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th August 2019 18:02:13 Hours

කෘෂිකර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්යභාරය පිළිබඳ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් දැනුවත් වෙයි

මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එම්.ඒ.ඒ.ඩි. සිරිනාග පසුගියදා පනාගොඩ පිහිටි කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සංචාරයක නිරතවූ අතර එහිදී, මූල්‍ය කළමනාකරණයට සහ වෙනත් අදාළ කරුණු පිළිබඳ සාකච්ඡා කරන ලදී.

මෙහි සපැමිණි මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එම්.ඒ.ඒ.ඩි. සිරිනාග, කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම සංචාරය අතරතුරදී, බ්‍රිගේඩියර් ගුණරත්න විසින් සිදුකල ඉදිරිපත් කිරීමක් මගින් මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්යභාරය පිළිබඳ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් දැනුවත් කරනු ලැබීය. මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කරගත් අතර මූල්‍ය විනයෙහි වැදගත්කම ද අවධාරණය කළේය.

සංචාරය අවසන්වීමට පෙර, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් කඳවුරු පරිශ්‍රයේ සංචාරය කරමින් වගාකර ඇති බෝග හා වෙනත් වගාවන් පිළිබඳව සොයාබැලීය. Buy Kicks | nike fashion