Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th August 2019 16:34:05 Hours

දිවිපිදු ඉන්දීය සාම සාධක හමුදාවේ විරෝදාර රණවිරුවන් යාපනයේ දී අනුස්මරණය කරයි

ඉන්දීය 73 වන නිදහස් දිනයට සමඟාමීව වර්ෂ 1987 සිට වර්ෂ 1990 දක්වා කාලය තුළ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහි ශ්‍රී ලංකාවේ පැවති ‘පවන් මෙහෙයුම’ සහ වෙනත් මෙහෙයුම් අතරතුරදී දිවිපිදු ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින පලාලි පිහිටි ඉන්දීයානු සාමසාධක හමුදා ස්මාරකය අභියසදී පැවැත්විණි.

මෙම උත්සවයේ දී, යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනරාල් එස්. බාලචන්ද්‍රන් මහතා සහ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය දිවිපිදු ඉන්දීය සාම සාධක හමුදාවේ විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් පලාලි පිහිටි ඉන්දීයානු සාමසාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපාහාර පුද කළහ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යාපනයේ ඉන්දියානු කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගී වූහ. affiliate tracking url | youth nike kd low tops orange , Nike Air Max , Iicf