Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th August 2019 16:36:05 Hours

ආරක්‍ෂක හමුදාවන් භාවිතා කල තවත් ඉඩම් අක්කර 23.5 ක් කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් වෙත භාරදේ

කිළිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් පුළුල් කරමින් කිළිනොච්චි ප්‍රදේශයේ ක්‍රිෂ්ණපුරම් හි රජයේ බලපත්‍රලාභීන් සතු ගොඩනැගිලි ද ඇතුළුව අක්කර 23.5 ක භූමි භාගයක් ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින කෙටි උත්සවයකදි නිදහස් කරන ලදි.

ආරක්‍ෂක හේතුන් මත භාවිතා කල මෙලෙස නිදහස් කරන ගොඩනැගිලි සහ අවට ඉඩම් සඳහා වු ලිපි ලේඛණ, කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම් එස්. අරුමේනායාහම් මහතා වෙත සංකේතාත්මතව භාරදෙන ලදි.

මෙම පියවර, නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ප්‍රතිපත්තියට අනුකූලව‍ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ගෙන ඇති තවත් පියවරකි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම උත්සවය කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 57 වන සේනාංකය විසින් සංවිධානය කළ අතර පසුගිය වසර කිහිපය තුළ කිළිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් භාවිතා කළ ඉඩම් අක්කර 27,375.5 ක ප්‍රමාණයක ඉඩම් නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ලබාදීම සදහා මෙහිදි නිදහස් කරන ලදි. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රජයේ නිලධාරීන් සහ ඉඩම් හිමියන් කිහිපදෙනෙකු පැමිණ සිටියහ. Adidas shoes | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival