Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th August 2019 12:04:35 Hours

තල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදකයින්ට කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් උපකාර කරයි

කිළිනොච්චි ප්‍රදේශයේ තල් ආශ්‍රිත සිදුකරනු ලබන නිෂ්පාදනයන්හි නියැලි සිටින දේශිය ව්‍යවසායකයින් 45 දෙනෙකු ඔවුන්ගේ නිෂ්පාදන විකිණීම සඳහා නව වෙළඳපල සොයා ගැනීමට සහ එමඟින් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවනෝපායන් වැඩි දියුණු කිරීමට උපකාර ලබා ගැනීම වෙනුවෙන් ඉකුත් අඟහරුවාදා (13) දින කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සමඟ සාකච්ඡාවක් සදහා එක්විය.

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු මෙම සාකච්ඡාවේදී නව නිපැයුම් හා අලෙවිකරණ උපාය මාර්ග භාවිතා කරමින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා පෝෂණය යන කරුණු ඉහළ නැංවීම සඳහා එම නිෂ්පාදකයින්ට මෙම මූලස්ථාන උපකාර කළ හැකි ආකාරය පැහැදිලි කල අතර මෙම සාකච්ඡාව මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහ 66 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මෙහෙයවනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදා සහ පොදු ජනතාව අතර සහයෝගීතා යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ගේ ජීවනෝපාය සඳහා එම නිෂ්පාදන විකිණීම මත යැපෙන ප්‍රජාවට උපකාරයක් ලෙස දියත් කරන ලදි.

මෙම සාකච්ඡාව අතරතුරදී එම නිෂ්පාදකයින් විසින් විවිධ නිෂ්පාදන කටයුතු හේතුවෙන් තම නිෂ්පාදන වෙළඳපොළට ගෙන ඒමට සහ විකිණීමට ඇති ගැටළු සහ දුෂ්කරතා එහිදි ප්‍රකාශ කළහ. affiliate link trace | NIKE AIR HUARACHE