Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th August 2019 11:28:19 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩේට් නිලධාරීන් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ ‘ඩයිනස් ක්ලබ්’ (Diners' Club) හී දී පිළිසඳරක නිරතවිය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරීන්ගේ දැනුම වර්ධනය කරගැනීමේ අභිප්‍රායෙන් සමාජ හා ශාස්ත්‍රීය අන්තර් කටයුතු පිළිබඳව ඔවුන්ව පොළඹවනු ලබන විධිමත්භාවයකින් යුතු විවිධ මාතෘකා යටතේ සංවාදාත්මක හරවත් සාකච්ඡා වාරයක් ඉකුත් සදුදා (12) දින යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

එදින සන්ධ්‍යාවේ මෙම සැසිවාරය අරාම්භ කිරිමට මත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.කේ. ඊශ්වරන් විසින් මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ‘මිෂන් කමාන්ඩ්’ (Mission Command) යන තේමාව යටතේ අදහස් දක්වමින් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා ජීවිතය හා සිවිල් ජීවිතය යන අංශ දෙකෙහි අත්දැකීම් රාශියක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් පුද්ගයෙකුට තම ඉලක්කයන් කරා ළඟා වීමට ඇති අභියෝග පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.

මෙම වසර අවසානයේදී විසිරයෑමට නියමිත කෙඩෙට් නිලධාරීන් 311 දෙනෙකු සැසිවාරයට සහභාගි වී සිටි අතර ඔවුන්ට මෙම අවස්ථාව තම ආත්ම විශ්වාසය වැඩි දියුණු කරගැනීම සඳහා සහ නව ප්‍රවේශයක් ලබාගැනීමට අවශ්‍ය චිත්ත ධෛරයය ලබාගැනිමට බෙහෙවින් ඉවහල් විය.

මෙහිදී විවිධ අංශයන්හී පුහුණුව ලබන අනෙකුත් සියලුම කෙඩෙට් නිලධාරීන්ට මෙම අවස්ථාව සජීවීව නවීන තාක්‍ෂණයන් ඔස්සේ ඔවුන්ගේ පන්තිකාමරයන් තුළ සිට නැරඹිමට හැකිවිය. මෙම සැසිවාරය සඳහා අංශ ප්‍රධානින්, පාඨමාලා භාර නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ කථිකාචාර්යවරුන් පිරිසක් එක්ව සිටියහ. එහිදී ජ්‍යෙෂ්ඨ කෙඩෙට් නිලධාරියෙකු විසින් කරන ලද ස්තූති කතාවෙන් අනතුරුව සංකේතාත්මක සමරුතිළිණ හුවමාරුවක් ද එම වේදිකාවේදී සිදු කරනු ලැබුණු අතර දවසේ වැඩසටහන නිමාකිරිමට මත්තෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සමරු සටහන් පොතේ විශේෂ සමරු සටහනක්ද තබමින් එම අවස්ථාවට එක්ව සිටි නිලධාරීන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවිය. Buy Kicks | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos