Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th August 2019 18:45:46 Hours

නැගෙනහිර භට පිරිස් නවෝත්පාදක 100 කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සංකල්පයක් මත සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථානයන් හරහා නවෝත්පාදන නිෂ්පාදනයන් ප්‍රදර්ශනය කිරීම මේ වන විටත් ආරම්භ කර ඇත. ඊට සමගාමීව නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් ගේ නවෝත්පාදන නිර්මාණයන් එළි දැක්වීම ඉකුත් සිකුරාදා (9) දින පොලොන්නරුවේ පිහිටි පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී සිදු කරනු ලැබිණි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ මගපෙන්වීම හා සංවිධායකත්වයෙන් යුතුව නව නිපැයුම් සඳහා නැගෙනහිර ප්‍රදේශයේ රාජකාරි නියුතු සොල්දාදුවන් දිරිගැන්වීමේ අරමුණින් මෙම අවස්ථාව උදාකර දෙන ලදී.

‘නැගෙනහිර නවෝත්පාදන’ යුද හමුදා සාමාජිකයින් ගේ නිර්මාණාත්මක හැකියාවන්ගෙන් එලිදක්වන ලද නවෝත්පාදන 100 කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කළ අතර මුළු දවස පුරාවට පැවති මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා විශාල ජනකායක් එම ස්ථානයට පැමිණියේය. එහිදී නව නිපැයුම් තුනක් ප්‍රවීණ විනිසුරුවන් කණ්ඩායමක් විසින් හොඳම නවෝත්පාදනයන් ලෙස තෝරා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කරන ලදී. තවත් බොහෝ දෙනෙකුගේ නිර්මාණාත්මක කුසලතා වෙනුවෙන් එහිදී ඇගයීම් සහතික පත් පිරිනැමිණි.

මෙම ප්‍රදර්ශනය විවෘත කරනු ලැබුවේ ඉදිරි නඩත්තු ප්‍රදේශ (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් වසන්ත මාදොල විසිනි. එහිදී සමාරම්භක උළෙල සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අතුල මාරසිංහ, පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපති වන මාතරආරච්චි මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වූහ. Sports Shoes | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ