Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th August 2019 11:11:19 Hours

වන්නි භට පිරිස් වල ශ්‍රමදායකත්වයෙන් තවත් අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් 11 වන නිවසෙහි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරේ

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහයෝගීතා සමාජ වගකීම් ව්‍යාපෘතිය යටතේ වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරිම සඳහා මුල් ගල තැබීමේ කටයුතු වන්නි ආරක්‍ෂ සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් අනිල් පීරිස් ගේ සහභාගීත්වයෙන් යුතුව ඉකුත් බ්‍රහස්පතින්දා (8) දින සිදු කරනු ලැබීය.

ඕස්ට්‍රේලියාවේ පදිංචි දානපතියෙකු වන නිෂාන් වෙත්තසිංහ මහතා වව්නියාව දිස්ත්‍රික්කයේ පිහිටි දුෂ්කර ගම්මානයක වාසය කරන අඩු ආදායම්ලාභියෙකු වන එන්.ජී. කරුණාරත්නගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරිම සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය දැක්වීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විය.

මේ අනුව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ 622 වන බලසේනාවේ යුද හමුදා සාමාජිකයින් විසින් මෙම ව්‍යාපෘතිය නිම කිරීමට නියමිතය. තවද 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසිංහ ගේ මගපෙන්වීම යටතේ 622 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සාලිය අමුණුගම ගේ අධීක්ෂණය මත මෙම ව්‍යාපෘතියේ කටයුතු සිදු කිරිමට නියමිතය.

වන්නී ආරක්‍ෂක සේනා මූලස්ථානය පසුගිය වසර දෙකක කාලය තුළ කලාපයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නව නිවාස ඉදිකර දුන් අතර දැනට නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් සඳහා නව නිවාස 10 ක් ඉදිකර දී ඇත. අඩු ආදායම්ලාභින් වෙනුවෙන් ඉදිකිරිමට නියමිත 11 වන නිවස මෙය වේ.

මෙම අවස්ථාව සඳහා වන්නී ආරක්‍ෂක සේනා ආඥාපති වෙනුවට 62 වන සේනාංකයේ සේනාකාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසිංහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණ එම නව නිවාසය ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තබන ලදී.

මෙම මුල්ගල තැබීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම් ජයන්ත ශ්‍රී රත්නායක මහතා, 622 බලසේනාවේ බලසේනාධිපති කර්නල් සාලිය අමුණුගම, වන්නී ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් අනිල් පීරිස්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මෙම නිවාස ප්‍රතිලාභී එන්.ජී. කරුණරත්න මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ගම්වාසීන් පිරිසක් ද එක්ව සිටියහ. Best jordan Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp