Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2019 15:05:16 Hours

මාණ්ඩලික රාජකාරි පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයෙහි සේවය කරනු ලබන මාණ්ඩලික නිලධාරි 3 ලෙස සේවය කරනු ලබන නිලධාරීන් වෙනුවෙන් ‘මාණ්ඩලික රාජකාරි’ පිළිබඳ දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් අරසපුරකුලම් බලඇණී පුහුණු පාසලේදී අගෝස්තු මස 5 සිට 7 දින දක්වා 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දරගේ මඟපෙන්වීම යටතේ පවත්වනු ලැබිණි.

'මාණ්ඩලික රාජකාරි' පිළිබඳ දැනුවත් කිරීමේ මෙම වැඩමුළුවට තරුණ නිලධාරීන් 26 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන්ට අනාගතයේදී විධායක අධිකාරි මෙන්ම වෙනත් කාර්ය මණ්ඩල පත්වීම් ලබාදීමට නියමිතය. මෙම වැඩමුළුව මධ්‍යම පන්තියේ නිලධාරින් අතර පුද්ගල දැණුම, කාර්ය මණ්ඩල රාජකාරි, යුද්ධ හමුදා රාජකාරි ලිපි සැකසීමේ කුසලතා, මෙහෙයුම් කාර්ය මණ්ඩල රාජකාරි පිළිබඳ දැණුම වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබිණි.

එම පුහුණු වැඩමුළුව අවසානයේදී එයට අදාල සහතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණී 662 බලසේනාවේ බලසේනාධිපති කර්නල් පී.ආර්. පතිරවිතාණ විසින් එම උත්සවයේ සමාප්ති දේශණයද පවත්වනු ලැබිණි.latest Running | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite