Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2019 15:25:16 Hours

56 වන සේනාංකය සිවිල් වැසියන් අතර පොල් පැළ 1000 ක් බෙදා දෙයි

යුද්ධ හමුදාවේ 56 වන සේනාංකය විසින් සිදුකරන ලද සම්බන්ධීකරණයෙන් පසුව ඉකුත් ඉරිදා (4) දින මැලිබන් බිස්කට් නිෂ්පාදන පුද්ගලික සමාගම විසින් යුද්ධ හමුදාවේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ගස් සිටුවීමේ ක්‍රියාන්විතය අගය කරමින් පොල් පැළ 1000 කට අධික ප්‍රමාණයක් වවුනියා සහ කොක්එලිය ප්‍රදේශවල අඩු වරප්‍රසාදලාභී පවුල් අතර බෙදා දෙන ලදී.

ආර්ථික අරමුණු මුදුන් පමුණුවාගැනීමට එවැනි භෝග සඳහා එම ප්‍රදේශ වඩාත් යෝග්‍ය බැවින් සාමාන්‍ය ජනතාව එම බෝගයන් ආකර්ෂණය කරගත් බැව් පර්යේෂණ මගින් සනාථ වී ඇති හෙයින් 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.පී. සෙනෙවිරත්න මෙම ව්‍යාපෘතිය සඳහා මුලපුරනු ලැබිණි.

එම පොල් පැළ ජනතාව අතර බෙදාහැරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහ සහභාගී විය. මෙම පොල් පැළ බෙදාහැරීමේ උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී වූ අතර පරිත්‍යාගශීලී නියෝජිතයින් මෙන්ම යුද්ධ හමුදා නිලධාරින් කිහිප දෙනෙකු ද එම අවස්ථාව සඳහා සහභාගී විය.

තවද, 561 සහ 563 බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරින් කිහිප දෙනෙකු ද, සිවිල් වැසියන් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.Nike Sneakers | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov