Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th August 2019 17:10:06 Hours

හේනානිගල යුද්ධ හමුදා පුහුණු පාසලේදී ආධුනික සෙබළුන් 538 දෙනෙකු විසිරයයි

හේනානිගල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු පුහුණු පාසලේ දී ඉකුත් සෙනසුරාදා (03) දින පැවැති වර්ණවත් පෙළපාලියකදී සාර්ථකව පුහුණුව හැදෑරු ආධුනික සෙබළුන් 538 දෙනෙකු විසිර ගියහ.

පුහුණු පාසලේ සේනාවිධායක සහ ප්‍රධාන උපදේශක මේජර් යු.එච්.ටී.එන්. පෙරේරා ගේ ආරාධනයකට අනුව, විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කපිල උදළුපොල සහභාගි විය.

මෙම විසිරයාමේ පෙළපාලියේ දී, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ගැමුණු හේවා බලකාය, ගජබා රෙජිමේන්තුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, සන්නද්ධ බුද්ධි බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පූරෝගාමී බලකායට අනුයුක්තව ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු පුහුණු පාසලේ අධුණික පුහුණු පාඨමාලා අංක 25 යටතේ පුරා මාස 06 කට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු අධුණික සෙබළුන් 538 දෙනෙකු මෙලෙස විසිර යනු ලැබීය.

ශාරීරික අභ්‍යාස පුහුණුවීම් සහ තූර්යවාදක සංදර්ශනවලින් වර්ණවත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය නැරඹීම සඳහා විසිරයන ආධුණික සෙබළුන්ගේ ඥාතීන් රැසක් එක්ව සිටියහ.

මෙහිදී, විශේෂ සම්මාන ලබාගත් නිලධාරීන් සහ ආධුණික සෙබළුන් පහතින් දැක්වෙයි;

හොඳම ඛණ්ඩභාර නිලධාරී - ශ්‍රී ලංකා සංඥා බලකායේ ලුතිනන් ඒ.සී.ටි.සී. සමරකෝන්, හොඳම ඛණ්ඩභාර නිලධාරී - ගැමුණු හේවා බලකායේ සැරයන් ඩබ්ලිව්.එම්. විජේරත්න, හොඳම පෙළ අණදෙන්නා - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ කෝප්‍රල් ඩි.ආර්. වික්‍රමසිංහ, හොඳම ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශක - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලාන්ස් කෝප්‍රල් එච්.ආර්. රංජිත් කුමාර, හොඳම වෙඩික්කරු - ආධුණික සෙබල ඩි. දිසානායක, හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා - ආධුණික සෙබල පී.එන්. ප්‍රදීප් කුමාර සහ සෑම අතින්ම අතීශූර සෙබලා - ආධුණික සෙබල ඩී. දිසානායක තේරී පත්විය.

ප්‍රධාන උපදේශක මේජර් යු.එච්.ටී.එන්. පෙරේරා, රෙජිමේන්තු සැරයන් මේජර්, සරඹ උපදේශක සහ ප්‍රධාන ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශක ඇතුළු උදේශකවරුන් කණ්ඩායමක් යටතේ පුරා මාස 6 කට අධික කාලයක් සරඹ, යුද අභ්‍යාස, ක්ෂේත්‍ර ශිල්ප, යුද උපක්‍රම, ශාරීරික අභ්‍යාස පුහුණුව, සිතියම් කියවීම සහ ක්‍රීඩා පිළිබඳ මෙම අධුනික සෙබළුන්ට මනා පුහුණුවක් ලබා ඇත.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ විසිරයන ආධුණික සෙබළුන්ගේ දෙමාපියන්, ඥාතී හිතමිත්‍රාදීන් රැසක් සහභාගී වූහ. latest Running | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp