Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th August 2019 13:58:28 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් පූනාගල ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපවත්වයි

හපුතලේ, පූනාගල ප්‍රදේශයේ ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින උදෑසන හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපැවැත්වීමට මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සමත් විය.

මෙම ගින්න පවතින නියඟය සහ වියළි කාලගුණයත් සමඟ හටගෙන ඇති අතර රාත්‍රි කාලයේ ඇතිවූ තද සුළං තත්ත්වය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇත.

මේ පිළිබඳ සැලවූ වහාම ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා සාමාජිකියන් පැය කිහිපයක් තුළ ගින්න මැඩපැවැත්වීමට සමත් විය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත හදිසියේ ඇතිවූ ගින්න මැඩපැවැත්වීමට සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවනු ලැබීය. spy offers | adidas NMD Human Race