Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th August 2019 22:20:40 Hours

නව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් උතුර මැද ඉදිරි නඩත්තු පෙදෙසේ සංචාරයක

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඉකුත් සිකුරාදා (02) දින උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ සංචාරයක නිරතවු අතර එහිදි, උතුරු නඩත්තු පෙදෙසෙ හි කාර්යභාරය සහ වගකීම් පිළිබඳව එතුමන් දැනුවත් විය.

මෙම සංචාරයේ නිරතවු වන්නි ආඥාපතිතුමන්ව, උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.ආර්.පි කරුණාතිලක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි. ඉන් අනතුරුව, සියලුම නිළයින් ඇමතූ ආඥාපතිතුමන් සියළුනිළ තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය.

තවද, මෙම සංචාරය සනිටුහන් කරමින් වන්නි ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් ද රෝපණය කරන ලදී.

ඉන් අනතුරුව, වන්නි ප්‍රදේශයේ පිහිටි උතුරු ඉදිරි නඩත්තු පෙදෙස සිදුකරනු ලබන කාර්යභාරයන් පිළිබඳ වන්නි ආඥාපතිතුමන්ව දැනුවත් කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. affiliate link trace | Nike for Men