Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd August 2019 15:44:35 Hours

උඩුපිල පිහිටි වැඩිහිටි නිවාසයේ නේවාසිකයින්ට තේපැන් සංග්‍රහයක් සහ ප්‍රණීත දිවා ආහාරවේලක් ලබාදෙයි

බස්නාහිර පළාතේ පිහිටි 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් දියත් කරනු ලබන ප්‍රජා ව්‍යාපෘතින්වලින් තවත් එක් ව්‍යාපෘතියක් ලෙස, ඉකුත් සඳුදා (09) දින කැළණිය, උඩුපිල පිහිටි YMBA විසින් පාලනය කරන වැඩිහිටි නිවාසය වෙත පැමිණ එහි නේවාසික රැඳවියන්ගේ අවශ්‍යතා සොයාබලා සපුරාලීම සඳහා කටයුතු කරනු ලැබීය.

ප්‍රථමයෙන්ම, භටපිරිස් වැඩිහිටි නිවාසය අවට පිරිසිදු කළ අතර නේවාසික රැඳවියන්ගේ රැවුල සහ කොණ්ඩය කපා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ ද සහයෝගය ඇතිව ඔවුන්ව ස්නානය කළහ. ඉන් අනතුරුව, රැඳවියන් සියලුදෙනාට තේපැන් සංග්‍රයක් සහ ප්‍රණීත දිවා ආහාරවේලක් ලබාදෙනු ලැබීය.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සඳහා අණදෙන නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Running Sneakers | Nike Off-White