Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd August 2019 10:56:39 Hours

මානසික යහපැවැත්ම පිළිබඳව වන්නි යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා භාවනා පුහුණුවීම් හඳුන්වාදීමේ සංකල්පයට අනුව, එහි තවත් එක් භාවනා වැඩසටහනක් පසුගිය බදාදා (31) දින වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන ‘ලක්විරු අධ්‍යාත්මික භාවනා’ යන තේමාව යටතේ කඳුබොඩ බවුන්සෙත් භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය දියසෙන්පුර විමල හිමිපාණන් විසින් දිනය පුරා මෙහෙයවනු ලැබීය.

මෙම භාවනා වැඩසටහන සඳහා 21, 54, 56, 61 හා 62 සේනාංකයන් මෙන්ම උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් එච්.පි රණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිළයින් රැසක් සහභාගි වූහ. url clone | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News