Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd August 2019 12:56:39 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 17 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින ඉංජිනේරු බලකා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරී භාරගන්නා ලදී.

හමුදා ගෞරවාචාර මධ්‍යයේ පැවැති උත්සවයකදී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මුලස්ථානය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායකතුමන්ව, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රවින්ද්‍ර ඩයස් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරීනමනු ලැබීය. නව කර්නල් සේනාවිධායකතුමන්, රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකරන ලදී. ඉන් අනතුරුව, සරඹ ක්‍රීඩාංගණයේදී වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් ද එතුමන් වෙත පිරිනමන ලදී.

මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සම්මන්ත්‍රණ ශාලාවේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර ඉන් අනතුරුව, සියලුනිල තේපැන් සංග්‍රයක් සඳහා ද එක්විය.

නව කර්නල් සේනාවිධායකතුමන්, සියලුනිලයින් අමතමින් එතුමන්ගේ අනාගත දැක්ම පිළිබඳ පැහැදිලි කළේය. ඉන් අනතුරුව, කර්නල් සේනාවිධායකතුමන් සියලුම අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සමඟ සාකච්ඡා පවත්වමින් ඒකකයන්හි කාර්යභාරය සහ වගකීම් පිළිබඳ දැනුවත් විය. මෙම අවස්ථාව සඳහා නිලධාරීන් විශාල පරිසක් සහභාගි වුහ.

මීට අමතරව, මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ධූරය ද හොබවනු ලබයි. Nike air jordan Sneakers | Nike Shoes, Sneakers & Accessories