Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2019 22:32:10 Hours

යාපනයේ තවත් සිසුන් පිරිසකට ගුවන් තොටුපලේ මෙහෙයුම් නැරඹීමට අවස්ථාවක් හිමිවෙයි

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස යාපනය අධ්‍යාපන කවුන්සිලයේ විවිධ පාසල්වල සිසුන් 123 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමකට ඔවුන්ගේ ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ පලාලි ගුවන් තොටුපල පරිශ්‍රය වෙත පැමිණ ගුවන් යානා ගුවන් ගතකිරීම සහ ගොඩබෑස්සවීමේ දර්ශන නැරඹීමට අවස්ථාව උදාකරදුන්හ.

පසුගිය බදාදා (31) වන දින පළමු වරට ගුවන්තොටුපලක සංචාරයක නිරතවු එම සිසුන් පිරිසට විවිධ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව හිමිවිය. එම අවස්ථාවේදී ඔවුන් වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කෙටි ආහාර වේලක් පිළිගැන්වු අතර ගුවන් හමුදා සාමාජිකයින් විසින් ගුවන් තොටුපල තුළ සිදුවන මෙහෙයුම් පිළිබඳවද පැහැදිලි කළහ. Sports News | youth nike kd low tops orange , Nike Air Max , Iicf