Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st August 2019 16:12:12 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් නුඳුරේදී පැවැත්වීමට නියමිත මඩු මංගල්‍යයේ ආරක්‍ෂාව පිළිබඳ සොයා බලයි

එළඹෙන මඩු මංගල්‍ය සමයේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති ආරක්‍ෂක පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඉකුත් බදාදා (31) දින මඩු දේවස්ථානයේ චාරිකාවක නිරත විය.

වන්නි ප්‍රදේශයේ ආරක්‍ෂක හමුදාවන් සමඟ ශ්‍රී ලංකා පොලීසිය සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එක්ව මඩු මංගල්‍යය දේවස්ථාන භූමියෙහි වැඳුම් පිදුම් කිරීම සඳහා පැමිණෙන දහස් ගණන් බැතිමතුන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබේ.

මෙම පරික්‍ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට ප්‍රථම, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සාමාජිකයින් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසීයේ නිලධාරීන් හට දේවස්ථාන පරිපාලක පූජ්‍ය පෙපී සූසායි පියතුමන්ගෙන් ආශීර්වාද ලබාදෙනු ලැබිණි.

මෙම සංචාරය අතරතුර දී, වන්නි ආඥාපතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් පෙපී සූසායි පියතුමා සමඟ කෙටි සාකච්ඡාවක නිරතවීය.

මෙම සාකච්ඡාව සඳහා 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්.කේ.බී.එස්. කැටකුඹුර, 613 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන, 613 වන බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හී අණදෙන නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා මෙන්ම පොලිසීයේ නිලධාරීන් ද සහභාගී වූහ. bridge media | Nike Air Max 270